About us

Leos essentially is a service project of the Lions to build responsible future leaders, but that in no way means that we don’t serve rather Leo club of University of Moratuwa is known for its service legacy. Leoism is focussed on fellowship. Fellowship refers to socialisation or precisely secondary socialisation. We believe that the process of learning what is the appropriate behaviour as a member of a smaller group within the larger society is an essential part of shaping one’s personality.

Visit

Frequently Asked Questions

Hardy ආයතනයේ පූර්ණකාලීන පාඨමාලා අධ්‍යන්‍යය කරන සිසුන්ට නේවාසිකාගාර පහසුකම් හිමිවේද?

ඔව්. මේ සඳහා ස්ථිර පදිංචි ස්ථානයේ සිට ආයතනයට ඇති දුර සළකන නමුත් ඉල්ලුම් කරන බොහෝ දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් හිමිවේ.

විවෘත විශ්ව විද්‍යාලයේ දක්වා ඇති පාඨාමාලාවන් අඛණ්ඩව හැදෑරීම අත්‍යවශ්‍ය වේද ?

ආයතනයේ කෙටි කාලීන සහතිකපත් පාඨමාලා අඛණ්ඩව හැදෑරිය යුතුය.නමුත් අනෙකුත් මුලු අධ්‍යයන කාලය වර්ෂ 2ක් ඉක්මවන පාඨමාලා සියල්ලක්ම පාහේ දී ඇති කාල වකවානුවක් තුළ හැදෑරීම ප්‍රමාණවත්‍ වේ.උදාහරණයක් ලෙස වසර 4 ක පාඨමාලාවක් ආරම්භක අවස්ථාවේ සිට වසර 8 ක් නොඉක්මවන පරිදි තමාට හැකි අන්දමින් සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් විය හැකිය.යම් පාඨමාලාවක් දියත් කරන අධ්‍යයනාංශය වෙතින් සිදු කරන විමසීමකින් පාඨමාලාව හදාරා නිම කළ යුතුකාල සීමාව පිළිබඳ දැනුවත් විය හැකිය.

හෙද පුහුණු පාසල මගින් පාඨමාලා කාලය අවසානයේදී රැකියාවක් සඳහා යොමු කරන්නේද?

ඔව්

හෙද පුහුණු පාසල සඳහා අයදුම්පත් කැඳවන්නේ වර්ෂයේ කුමන කාලයේද? ඒවා ලබා ගත හැක්කේ කෙසේද?

නිශ්චිත කාල වකවානුවක් සඳහන් කළ නොහැක. බොහෝ විට වසර අවසානයේදීය. අයදුම්පත් පොත් සාප්පු වලින් මිලදී ගත හැකි අතර මේ වන විට අන්තර්ජාලය හරහාද ලබා ගත හැකිය.

හෙද පුහුණු පාසල විසින් ලබා දෙන පදනම් පාඨමාලාව සඳහා සෑම සිසුවෙක්ම පෙනී සිටිය යුතුද?

ඔව්

හෙද පුහුණු පාඨමාලාව අවසන් කළ සිසුන් පත්වීම් සඳහා රෝහල් වලට අනුයුක්ත කරන්නේ කෙසේද?

පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයේ ප්‍රථිපල මත සිසුන් රෝහල් සඳහා අනුයුක්ත කරයි. පලමු පෙල ප්‍රථිපල සහිත සිසුන්ට තමන්ගේ අභිමතය පරිදි රෝහල් තෝරා ගැනීමටද හැකිය.

ශ්‍රී ලංකාව සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නව පාඨමාලා පටන් ගන්නා කාලය?

ජනවාරි ,ජුනි

ශ්‍රී ලංකාව සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයටඅයදුම් කරන්නෙ කොහොමද?

SLITHM ශාඛාවකින් අයදුම්පත් ගෙනවිත් බාර දෙන්න නැතිනම් තැපැල් මගිල් ලැබීමට සලස්වන්න.

NAITA හරහා සිදු කරන පාඨමාලා වලට අයදුම් කර ඒ සදහා තෝරා ගැනීමට, පූර්ව ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍යද?

NAITA ආයතනයෙන් සිදු කරන පාඨමාලා සඳහා පූර්ව තෝරාගැනීම් පරීක්ෂණ නොපැවැත්වේ. ඒ ඒ පාඨමාලාවට අදාල පූර්ව අවශ්‍යතා පමණක් සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් වේ.

විශ්ව විද්‍යාල විද්‍යායතන සදහා අඅයදුම්පත් ලබා ගත හැක්කේ කෙසේද ?

අයදුම්පත ආයතනයේ වෙබ් පිටුවෙන් ලබා ගත හැකිය.